හදිසි
Island edition
··
LankaNews
දේශීය

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත් මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (02…

By Site Administrator1 මිනිත්තු කියවීම
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත් මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (02) පස්වරු 11.30 දක්වා මෙම නිවේදනය වලංගු වේ.

ඒ අනුව, අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න