හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

නව අස්වැසුම ලැයිස්තුව ළඟදීම

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ නව අදියර සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. නව ප්‍රතිලාභී…

By Site Administrator1 මිනිත්තු කියවීම
නව අස්වැසුම ලැයිස්තුව ළඟදීම

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ නව අදියර සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

නව ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, එම ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර, අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදුකර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනීල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

අස්වැසුම වැඩසටහන සඳහා ඉදිරියේදී ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී භාවිත කරන සුදුසුකම් නිර්ණායක සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න