මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගේ මව බරපතළ තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි ආලෝක කණුවක ගැටීමෙන් අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 17 සහ 11 වයස්වල සහෝදරයන් දෙදෙනෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන්ගේ මව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටියි.
අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




