හදිසි
Island edition
··
LankaNews
දේශීය

පාස්කු නඩුවෙන් නිදහස් වූ 8ක් බන්ධනාගාරයෙන් පිටවෙති

2019 පාස්කු ඉරුදින කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලින්…

By Site Administrator1 මිනිත්තු කියවීම
පාස්කු නඩුවෙන් නිදහස් වූ 8ක් බන්ධනාගාරයෙන් පිටවෙති

2019 පාස්කු ඉරුදින කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් 9 දෙනාගෙන් 8 දෙනකු බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පැවසීය.

අනෙක් විත්තිකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාරගතව සිටිය යුතු බැවින්, මෙම නඩුවෙන් නිදහස් වුවද ඔහුට බන්ධනාගාරයෙන් පිටව යාමට හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

පසුගිය අඟහරුවාදා (22) නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල බන්ධනාගාරයට නියෝග කර තිබුණේ, නිදහස් කරන ලද විත්තිකරුවන් සම්බන්ධයෙන් වෙනත් නඩු කටයුතු පරීක්ෂා කර බලා ඔවුන් බන්ධනාගාරයෙන් මුදාහරින ලෙසයි.

එමෙන්ම, ඔවුන් නිදහස් කළ බවට අදාළ සියලු ලේඛන ගාස්තු රහිතව ලබා දෙන ලෙසද විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ.

තමන් මෙම නඩුවෙන් නිදහස් කර ඇති බව තහවුරු කරමින් සිය ගම් බිම් වෙත යාමට හැකි වන පරිදි එම නියෝගය ලබා දෙන බවද විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න