හදිසි
Island edition
··
LankaNews
දේශීය

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය 19 වැනිදා සිට අද (27) උදෑසන 6.00 ද…

By Site Administrator1 මිනිත්තු කියවීම
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය 19 වැනිදා සිට අද (27) උදෑසන 6.00 දක්වා කාලය තුළ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 943කට අයත් පුද්ගලයින් 3,495 දෙනෙකු අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මරණ 3ක්, තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පූර්ණ නිවාස හානි 2ක් සහ අර්ධ නිවාස හානි 448ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

තවද, ආරක්ෂිත මධ්‍යස්ථාන 5ක පවුල් 36කට අයත් පුද්ගලයින් 124 දෙනෙකු රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය පවසනවා.

පවතින අධික වැසි තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර, එහි පුද්ගලයින් 782 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 688 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 473 දෙනෙකු, මාතරින් 383 දෙනෙකු, පුත්තලමෙන් 310 දෙනෙකු සහ කෑගල්ලෙන් 224 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවේ දැක්වෙනවා.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න