හදිසි
Island edition
··
LankaNews
දේශීය

දෙහිවල බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙකුට රැඳවුම් නියෝග

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු දින 07ක රැඳවුම් නියෝග මත රඳවාගෙන තිබෙන…

By Site Administrator1 මිනිත්තු කියවීම
දෙහිවල බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙකුට රැඳවුම් නියෝග

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු දින 07ක රැඳවුම් නියෝග මත රඳවාගෙන තිබෙනවා.

අත්බෝම්බය රැගෙන ආ පුද්ගලයා සහ ඔහු සමඟ ත්‍රීරෝද රථයක ගමන් කළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය සඳහන් කළේ අත්බෝම්බය රැගෙන ආ සැකකරු කළුබෝවිල අවිශ්ක නම් අපරාධකරු සමඟ පාසල් සමයේ සිට සම්බන්ධතා පවත්වා ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරු ගාල්ල ප්‍රදේශයට ගොස් ලැගුම්හලක රැඳී සිට ඇති අතර, එහිදී තවත් පුද්ගලයෙකු විසින් ඔහුට අදාළ අත්බෝම්බය ලබාදී ඇති බවයි.

පසුව ඔහු ගාලු පාර ඔස්සේ රත්මලානට පැමිණ කුලී කාමරයක රැඳී සිට ඇති අතර, සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේ ලැගුම්හලකටද ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

එහිදී කළුබෝවිල අවිශ්ක නම් සැකකරුට වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන් අදාළ අත්බෝම්බය පෙන්වා ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අනතුරුව කළුබෝවිල ප්‍රදේශයේ සුඛෝපභෝගී වෙළඳසැලක් ආසන්නයේ අත්බෝම්බය සඟවා තිබී ඇති අතර, ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු එම ස්ථානයට පැමිණ එය රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 30 සහ 31 හැවිරිදි පිළියන්දල හා කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න