දේශීය වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාර්ලිමේන්තුවේ රජයේ ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ (COPE) උපකාරක කමිටුවක් හමුවේ පෙනී සිටිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මේ බව ප්‍රකාශ කර තිබේ.
වෙළෙඳපොළේ පවතින බාල තත්ත්වයේ පොල්තෙල් සමඟ වෙනත් තෙල් වර්ග කලවම් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් සකස් කර ඇති අතර එය ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.
යෝජිත නව අවශ්‍යතා යටතේ පොල්තෙල් ඇසුරුම්වල නිෂ්පාදනයේ නම, බර, කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ විස්තර ඇතුළත් ලේබලයක් තිබිය යුතුය.
දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන පොල්තෙල් සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සමඟද කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.




