අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන් සඳහා පනවා ඇති මාර්ග ආරක්ෂිත නීති උල්ලංඝනය කරමින් ආසන පටි නොමැතිව ගමන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අනතුරු අඟවා තිබේ.
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ගමන් කළ යුත්තේ එහි ඇති ආසන පටි සංඛ්‍යාවට සරිලන මගීන් සංඛ්‍යාවක් පමණක් බවයි.
යම් වාහනයක පසුපස ආසනයේ ආසන පටි දෙකක් පමණක් තිබේ නම්, එම ආසනයේ ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේය.
පසුපස ආසනයේ මැද ආසන පටියක් නොමැති අවස්ථාවක තෙවැනි මගියෙකු ගමන් කළහොත්, එම පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.




