හදිසි
Island edition
··
LankaNews
දේශීය

ප්‍රධාන රෝහල්වල සැත්කම් ද්‍රව්‍ය හිඟයක්

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක ‘ක්‍රේප් බැන්ඩේජ්’ ඇතුළු අත්‍යවශ්‍ය සැත්කම් ද්‍රව්‍ය හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි. තුවාල සැර…

By Site Administrator1 මිනිත්තු කියවීම
ප්‍රධාන රෝහල්වල සැත්කම් ද්‍රව්‍ය හිඟයක්

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක ‘ක්‍රේප් බැන්ඩේජ්’ ඇතුළු අත්‍යවශ්‍ය සැත්කම් ද්‍රව්‍ය හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

තුවාල සැරහුම්, ශල්‍යකර්මවලින් පසු තුවාල ආවරණය කිරීම සහ අස්ථි රෝග ප්‍රතිකාර සඳහා අවශ්‍ය බැන්ඩේජ් ඇතුළු ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රෝගීන්ට දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ඔහු සඳහන් කරයි.

ඔහු පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙම තත්ත්වයට බලපා ඇති බවයි. ඇතැම් රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට අනුමත ඖෂධසල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දේශීයව මිලදී ගැනීමට ලබාදී ඇති ප්‍රතිපාදනද නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිටතින් මිලදී ගැනීමට සිදුව ඇති අතර, විශේෂයෙන් එවැනි ද්‍රව්‍ය මිලදී ගැනීමට කිසිවෙකු නොමැති රෝගීන් දැඩි අපහසුතාවකට පත්වන බව ඔහු සඳහන් කරයි.

2027 වසර සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියද ඇණහිට ඇති බව පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, මෙම ප්‍රමාදයන් දිගටම පැවතුණහොත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් නැවත ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

ප්‍රසම්පාදන හා බෙදාහැරීමේ පද්ධතියේ පවතින දුර්වලතා කඩිනමින් විසඳීමට මැදිහත් වන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න