හදිසි
Island edition
··
LankaNews
දේශීය

වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට ගිය නියාමක අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කළ එම බන්ධනාගාරයේ සේවය කරන නියාමකවරයකු ඊයේ (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත භාර දී තිබේ. ලද රහසිගත තොරතුරක්…

By Site Administrator1 මිනිත්තු කියවීම
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට ගිය නියාමක අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කළ එම බන්ධනාගාරයේ සේවය කරන නියාමකවරයකු ඊයේ (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත භාර දී තිබේ.

ලද රහසිගත තොරතුරක් මත බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සැකකාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පැළඳ සිටි සපත්තු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හෙරොයින් ග්‍රෑම් 16.7ක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමත් සමඟ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ පවත්වා ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න