ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (15) වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, හෙට දිනයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.




