හදිසි
Island edition
··
LankaNews
දේශීය

කොකේන් ගුලි 90ක් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු ඊයේ (13) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධ…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොකේන් ගුලි 90ක් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු ඊයේ (13) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි උගන්ඩා ජාතික ගොවියෙකු බව සඳහන් වේ.

ඔහු උගන්ඩාවේ එන්ටබේ නගරයේ සිට කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා ගමන් කර තිබේ. අනතුරුව, කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

සැකකරු ඊයේ දහවල් වන තෙක් ගුවන් තොටුපොළේ පළමු මහලේ රැඳී සිටි බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 13ක් ගුවන් තොටුපොළ තුළදීම ස්වභාවිකව පිටතට දමා තිබේ.

සැකකරු විසින් තවදුරටත් උදරයේ සඟවා ගිල දමා ඇති කොකේන් ගුලි සම්පූර්ණයෙන්ම ශරීරයෙන් බැහැර කර ගැනීම සඳහා ඔහු මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න