කිරින්ද පොලිස් වසමේ කිරින්ද–තිස්සමහාරාම මාර්ගයේ විලමුල්ල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2026.09.13 වන දින අලුයම කිරින්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ තවත් පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
මරණකරු 21 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




