උඩුදුම්බර පොලිස් වසමේ කයිකාවල ප්‍රදේශයේ හීං ගඟේ දිය නෑමට ගිය 11 හැවිරිදි හිමිනමක් දියේ ගිලී අපවත් වී තිබේ.
2026.09.13 වන දින උදෑසන සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අපවත්වූ හිමිනම මිනුවන්ගොඩ පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක වැඩවාසය කළ 11 හැවිරිදි හිමිනමක් බව පොලිසිය පවසයි.
උඩුදුම්බර ප්‍රදේශයේ පැවති ධානමය පිංකමකට සහභාගි වීම සඳහා පැමිණ ඇති එම හිමිනම තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ හීං ගඟේ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී අපවත් වී ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




