ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (14) පෙරවරු 10.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පෙරවරු 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලද අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතින බව දැනුම් දී තිබේ.
එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු සහ සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.




