ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීමක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලය තුළ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වූ බවයි.
ඒ අනුව, ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් විදුලි බිල වැඩි කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ලබන වසරේ මුල් මාස තුන සඳහා අඛණ්ඩව විදුලි ජනනය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.




