උපාධිධාරී ගුරු තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සහ ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධ කාලසටහනක් ඉදිරිපත් කර තිබේ.
2026 වසරට අදාළ ගුරු විභාග සහ බඳවා ගැනීමේ කටයුතු පහත කාලසටහනට අනුව සිදු කිරීමට නියමිතය.
හෙට දිනට පෙර – කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගුරු පුරප්පාඩු පිළිබඳ වාර්තාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
ඊළඟ සඳුදා – පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදීම.
2026.09.16 (බදාදා) – පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්තාව මධ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදීම.
2026.09.18 (සිකුරාදා) – මධ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්තාව විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදීම.
2026 සැප්තැම්බර් 25ට පෙර – ගුරු තරග විභාගයෙන් සමත් වූවන්ගේ සම්මුඛ පරීක්ෂණ සඳහා වන නාම ලේඛනය නිකුත් කිරීම.
ඉන් දින 20කට පසු – ලේඛන පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම.
ඉන් දින 15කට පසු – ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම.
2026.11.15 – ප්‍රායෝගික පරීක්ෂණය අවසන් වී දින 15කට පසු ගුරු පත්වීම් ලබාදීමට නියමිත බව සඳහන් වේ.




