දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරය කව්ඩාන ප්‍රදේශයේ සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකට එල්ල වී තිබේ.
පිපිරීමෙන් වයස අවුරුදු 10 සහ 14 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ 52 හැවිරිදි ඔවුන්ගේ පියා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ සිද්ධියක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.




