හදිසි
Island edition
··
LankaNews
දේශීය

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන විමර්ශනයක්

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද, කොළඹ වරායේ CICT පර්යන්තයේ ගබඩා කර තිබූ බහාලුම් දෙකක සඟවා නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වේ. අදාළ විමර්…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොළඹ වරායේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන විමර්ශනයක්

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද, කොළඹ වරායේ CICT පර්යන්තයේ ගබඩා කර තිබූ බහාලුම් දෙකක සඟවා නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වේ.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් යම් අඩුපාඩු සහ අතපසු වීම් හඳුනාගෙන ඇති බැවින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත්, අදාළ නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බහාලුම් දෙක පිළිබඳව දැනට සිදු කෙරෙන විමර්ශනයට මෙම අභ්‍යන්තර විමර්ශනය කිසිදු බාධාවක් හෝ මැදිහත්වීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එමෙන්ම, අත්අඩංගුවට ගත් බහාලුම් දෙක සම්බන්ධ විමර්ශනය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් නිසි ක්‍රියාපටිපාටියට අනුව සහ උපරිම විනිවිදභාවයකින් යුතුව සිදු කරමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න