හදිසි
Island edition
··
LankaNews
දේශීය

බම්බලපිටිය–දෙහිවල අනවසර ඉදිකිරීම් ඉවත් කරයි

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි පළමු අදියර ල…

By Site Administrator1 මිනිත්තු කියවීම
බම්බලපිටිය–දෙහිවල අනවසර ඉදිකිරීම් ඉවත් කරයි

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි පළමු අදියර ලෙස බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් 8 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් ඉවත් කිරීමට නියෝග නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

හෙට (10) දිනට පෙර එම අනවසර ඉදිකිරීම් සහ ඒවායේ ඇති සියලුම භාණ්ඩ ඉවත් කර ගන්නා ලෙස හිමිකරුවන්ට කාලය ලබා දී තිබේ.

එසේ ඉවත් කර නොගන්නා ඉදිකිරීම් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මැදිහත් වී කඩා ඉවත් කිරීමට නියමිතය. එහිදී සිදුවන කිසිදු හානියක් සම්බන්ධයෙන් රජය වගකීමක් නොදරන බවද බලධාරීන් අවධාරණය කරයි.

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 31(4) වගන්තිය අනුව, නිසි බලපත්‍රයකින් තොරව වෙරළ කලාපය තුළ ඉදිකර ඇති ඕනෑම ඉදිකිරීමක් අධිකරණ නියෝගයකින් තොරව කඩා ඉවත් කිරීමට දෙපාර්තමේන්තුවට නීතිමය බලතල පවතින බවද සඳහන් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න