පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ දත්ත පද්ධතිය යාවත්කාලීන කරන තුරු ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lkවෙත පිවිස අයදුම්පත බාගත කර සම්පූර්ණ කළ හැකි බවයි.
සම්පූර්ණ කළ අයදුම්පත ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ clear.application@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය.
මෙම අවස්ථාවේදී ඒ සඳහා කිසිදු මුදල් ගෙවීමක් සිදුකිරීම අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කෙසේ වෙතත්, තාවකාලික ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කරන සියලුම අයදුම්කරුවන් දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද දැනුම් දී තිබේ.




