හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

විදුලි වාහනවලට කොළ පැහැති අංක තහඩු

දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂ අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍ර…

By Site Administrator1 මිනිත්තු කියවීම
විදුලි වාහනවලට කොළ පැහැති අංක තහඩු

දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂ අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ විදුලි වාහන සඳහා නිකුත් කෙරෙන මෙම කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව සම්පූර්ණයෙන්ම වලංගු බවයි.

කෙසේ වෙතත්, සාමාන්‍ය වාහන සඳහා දැනට භාවිත වන සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය කිසිදු වෙනසකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න