හදිසි
Island edition
··
LankaNews
දේශීය

යාපනය විශ්වවිද්‍යාල බඳවා ගැනීම් ගැන චෝදනා

යාපනය විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත කාර්යාල සහායකයින් ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සේවකයින්, මෑතකදී ලබාදී ඇති ස්ථිර පත්වීම් සඳහා සිදුකළ බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවට චෝ…

By Site Administrator2 මිනිත්තු කියවීම
යාපනය විශ්වවිද්‍යාල බඳවා ගැනීම් ගැන චෝදනා

යාපනය විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත කාර්යාල සහායකයින් ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සේවකයින්, මෑතකදී ලබාදී ඇති ස්ථිර පත්වීම් සඳහා සිදුකළ බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවට චෝදනා කර තිබේ.

ඒ වෙනුවට නවකයින් රැසක් බඳවාගෙන ඇති බවද බලපෑමට ලක් වූ සේවකයින් පවසති.

මේ සම්බන්ධයෙන් යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී පෙරේදා අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බලපෑමට ලක් වූ සේවකයින් සඳහන් කළේ, යාපනය විශ්වවිද්‍යාලයේ කාර්යාල සහායක තනතුරු සඳහා තමන් ඇතුළු 400කට අධික පිරිසක් තරග විභාගය ඇතුළු තෝරාගැනීමේ ක්‍රියාවලියට සහභාගී වූ බවයි.

කෙසේ වෙතත්, ඔවුන් අතරින් 71 දෙනෙකුට පමණක් පත්වීම් ලබාදී ඇති බවත්, විශ්වවිද්‍යාලයේ දැනටමත් කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කාලයක් කාර්යාල සහායකයින් ලෙස සේවය කළ තමන් ස්ථිර පත්වීම් සඳහා බඳවා ගැනීමේදී නිසි ලෙස සලකා නොමැති බවත් ඔවුහු චෝදනා කළහ.

විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කළ තමන්ට ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළද, නවකයින් රැසක් බඳවා ගැනීම තමන්ට දැඩි කම්පනයක් සහ කලකිරීමක් ඇති කළ බවද ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත තම තත්ත්වය දැනුම් දුන්නද, සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔවුහු සඳහන් කළහ.

තම සේවා කාලය, අත්දැකීම් සහ දීර්ඝකාලීන සේවය මෙන්ම තම ජීවනෝපාය හා ආර්ථික තත්ත්වයද සැලකිල්ලට ගෙන සාධාරණ විසඳුමක් ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළ යුතු බව ඔවුහු ඉල්ලා සිටියහ.

එමෙන්ම, කාර්යාල සහායකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා, බලපෑමට ලක් වූ තමන්ට සාධාරණය ඉටු කිරීමට අදාළ බලධාරීන් පියවර ගත යුතු බවද ඔවුහු අවධාරණය කළහ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න