හදිසි
Island edition
··
LankaNews
දේශීය

මිදිගම චූටිගේ නිවස පරිහරණය අත්හිටුවයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තාට අයත් නිවසක පරිහරණය අත්හිටුවීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. වැලිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මෙලෙස…

By Site Administrator1 මිනිත්තු කියවීම
මිදිගම චූටිගේ නිවස පරිහරණය අත්හිටුවයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තාට අයත් නිවසක පරිහරණය අත්හිටුවීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

වැලිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මෙලෙස පරිහරණය අත්හිටුවා ඇත.

පොලීසිය පැවසුවේ අදාළ නිවස රුපියල් ලක්ෂ 150ක වටිනාකමකින් යුත් බවයි.

ඒ අනුව, අදාළ නිවස සහ එයට අයත් ඉඩම පරිහරණය අත්හිටුවීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න