හදිසි
Island edition
··
LankaNews
දේශීය

එරාජ් ප්‍රනාන්දුගේ මරණයට විවෘත තීන්දුවක්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබාදී තිබේ. කොළඹ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඊයේ මෙම පශ්චාත් මරණ පරීක…

By Site Administrator1 මිනිත්තු කියවීම
එරාජ් ප්‍රනාන්දුගේ මරණයට විවෘත තීන්දුවක්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

කොළඹ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඊයේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

පරීක්ෂණයෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සහ පරීක්ෂණ සඳහා සිරුරෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා නියෝග කර ඇත.

61 හැවිරිදි හිටපු නගරාධිපතිවරයා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අටවැනි මහලේ පිහිටි නිවසක් තුළ මියගොස් සිටියදී ඉකුත් 02 වැනිදා පෙරවරුවේ සොයාගන්නා ලදී.

පොලිසිය පැවසුවේ මූලික විමර්ශනවලට අනුව, එරාජ් ප්‍රනාන්දු එම නිවසේ කාමරයක් ආසන්නයේ වූ දොරක බෙල්ලේ බැඳි ටයි පටියකින් එල්ලෙමින් සිටින්නට ඇති බවට අනුමාන කරන බවයි.

එම නිවසේ තවත් පුද්ගලයෙකු පදිංචිව සිට ඇති අතර, ඔහු ඊට පෙරදින හම්බන්තොට ප්‍රදේශය බලා ගොස් තිබේ. පසුදින උදෑසන එරාජ් ප්‍රනාන්දුට දුරකථන ඇමතුම් ලබාදීමට උත්සාහ කළද එය අසාර්ථක වීම හේතුවෙන්, නිවසේ පිරිසිදු කිරීම් සිදුකරන කාන්තාවකට නිවස පරීක්ෂා කරන ලෙස දැනුම් දී ඇත.

අනතුරුව එම කාන්තාව විසින් එරාජ් ප්‍රනාන්දුගේ සිරුර දැක තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න