ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් පහත හෙළීමට පියවර ගෙන තිබේ.
මෙම මිල සංශෝධනය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කර ඇත.
මීට පෙර රුපියල් 210ක් වූ නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 175ක් ලෙස සංශෝධනය කර තිබේ.
එසේම, රුපියල් 248ක් ලෙස පැවති දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් පහත හෙළා ඇති අතර, එහි නව මිල රුපියල් 210ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.




