ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් වීරගුල ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්ව ඇති බව වීරගුල පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සීලරතන හිමියන් ගම්පහ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
විහාරස්ථානයක පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැති රැස්වීමක් අතරතුරදී උන්වහන්සේට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




