හදිසි
Island edition
··
LankaNews
දේශීය

ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට (03) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ දේහය අද දහවල් සිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞර…

By Site Administrator1 මිනිත්තු කියවීම
ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට (03) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඔහුගේ දේහය අද දහවල් සිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය.

කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ප්‍රියංකර පෙරේරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවිය.

ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, ගායන ශිල්පී චලක චනුපතිගේ සහෝදරයා ද වේ.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 1980–90 දශකවල ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙස ප්‍රියංකර පෙරේරා ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

පිය උරුමයෙන් ලද ගීත මෙන්ම සිය මියුරු හඬින් ගැයූ තවත් ගීත රැසක් ඔහු සංගීත ලෝලීන් වෙත දායාද කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න