පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට පයාගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මරණකරු පයාගල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීම සඳහා ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




