හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ලෝක රන් මිල තරමක් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01) තරමක් පහළ ගොස් තිබේ. මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය සහ මෙම සතියේ නිකුත් කිරීමට නියමිත ප්‍රධාන අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳ වෙළෙඳුන්ගේ අවධානය යොමුවීම ඊට හේතුව බව…

By Site Administrator1 මිනිත්තු කියවීම
ලෝක රන් මිල තරමක් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01) තරමක් පහළ ගොස් තිබේ.

මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය සහ මෙම සතියේ නිකුත් කිරීමට නියමිත ප්‍රධාන අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳ වෙළෙඳුන්ගේ අවධානය යොමුවීම ඊට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල සියයට 0.3කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම, අනාගත ගනුදෙනු සඳහා වන රන් මිල සියයට 0.1කින් ඉහළ ගොස් ඩොලර් 4,485.30ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

ඒ හේතුවෙන් මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, තෙල් මිලද අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍යයෙන් පොලී ආදායම් ලබාදෙන වත්කම්වල ආකර්ෂණය වැඩි කරන බැවින් රන් මිලට පීඩනයක් එල්ල විය හැකි බවයි.

අනෙකුත් වටිනා ලෝහ අතර, රිදී මිල සියයට 0.3කින් ඉහළ ගොස් අවුන්සයකට ඩොලර් 66.34ක් ලෙසත්, ප්ලැටිනම් මිල සියයට 0.1කින් ඉහළ ගොස් ඩොලර් 1,793.03ක් ලෙසත් සටහන් වී තිබේ.

පැලේඩියම් මිල ඩොලර් 1,356.75ක් ලෙස සටහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න