හදිසි
Island edition
··
LankaNews
තාක්ෂණය

වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීම පිළිබඳ යෝජනාව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපද…

By Site Administrator1 මිනිත්තු කියවීම
වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීම පිළිබඳ යෝජනාව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇති අතර, එහි සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා කටයුතු කිරීමට නියමිතය.

යෝජිත අතරමැදි ශ්‍රේණිය නිර්වචනය කිරීම, ඊට ඇතුළත් වන වෛද්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ වෛද්‍ය නිලධාරීන් අදාළ ක්ෂේත්‍ර සඳහා තෝරා ගැනීමේ පටිපාටිය පිළිබඳ මෙම කමිටුව පුළුල් අධ්‍යයනයක් සිදුකරනු ඇත.

එමෙන්ම, එම ශ්‍රේණියට අදාළ කාලසීමාව සහ වෛද්‍ය නිලධාරීන්ට හිමිවන ප්‍රතිලාභ පිළිබඳවද කමිටුව විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න