හදිසි
Island edition
··
LankaNews
දේශීය

වැසි අඩුවුණොත් විදුලි බිල ඉහළට?

ඉදිරි කාලයේදී අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබුණහොත් විදුලි ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. දෙරණ 360 වැඩසටහන…

By Site Administrator2 මිනිත්තු කියවීම
වැසි අඩුවුණොත් විදුලි බිල ඉහළට?

ඉදිරි කාලයේදී අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබුණහොත් විදුලි ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වර්තමාන රජය විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවට ප්‍රකාශ කළද, මේ වන විට පෙර පැවැති මට්ටමට සාපේක්ෂව ගාස්තු තුනෙන් එකකින් පමණ ඉහළ ගොස් ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඉදිරියේදී විදුලි ගාස්තු යළිත් ඉහළ ගියහොත් ජනතාවට මෙන්ම එළඹෙන සංචාරක සමයේදී සංචාරක කර්මාන්තයටද එය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ඔහු අවධාරණය කළේය.

පසුගිය කාලයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලිය යම් ප්‍රමාණයකට ලබාගැනීමට හැකි වූ අතර, දහවල් කාලයේ සූර්ය බලශක්තිය භාවිතයෙන් විදුලි පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමටද හැකි වූ බව ඔහු පැවසීය.

එහෙත් ඉදිරි කාලයේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි උත්පාදනය සඳහා ෆර්නස් තෙල් සහ ඩීසල් වැනි මිල අධික ඉන්ධන භාවිත කිරීමට සිදුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී ගල් අඟුරු සම්බන්ධ පාඩුවෙන් සියයට 10ක පමණ ප්‍රමාණයක් පමණක් ගාස්තුවලට ඇතුළත් වූ බවත්, ඉදිරියේදී එම පාඩුව බදු මුදල් මගින් හෝ පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට සිදුවිය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නව ගල් අඟුරු තොග ලැබී ඒවා භාවිතයෙන් විදුලි උත්පාදනය ආරම්භ කරන තෙක් මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට අපහසු වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, ප්‍රමාණවත් වර්ෂාපතනයක් ඉදිරියේදී නොලැබුණහොත් විදුලි බිල ඉහළ දැමීමේ අවදානමක් පවතින බව ඩී.වී. චානක මහතා අවධාරණය කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න