හදිසි
Island edition
··
LankaNews
දේශීය

කාන්තාවන් හා ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරන කල්ලියක්

ෆේස්බුක් ඇතුළු ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවල විශේෂ කණ්ඩායම් නිර්මාණය කරමින් ළමුන් සහ කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන හා පෞද්ගලික ඡායාරූප මුදලට අලෙවි කරන අන්තර්ජාල ජාවාරම් කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය…

By Site Administrator2 මිනිත්තු කියවීම
කාන්තාවන් හා ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරන කල්ලියක්

ෆේස්බුක් ඇතුළු ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවල විශේෂ කණ්ඩායම් නිර්මාණය කරමින් ළමුන් සහ කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන හා පෞද්ගලික ඡායාරූප මුදලට අලෙවි කරන අන්තර්ජාල ජාවාරම් කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇති අතර, කාන්තාවන් සහ ළමුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා හදිසි පියවර ගනිමින් සිටී.

මූලික තොරතුරු මත වැඩිදුර විමර්ශන සඳහා මෙම සිද්ධිය ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත යොමු කර තිබේ.

ව්‍යාජ ගිණුම් භාවිත කරමින් තම සමීප ඥාතීන් සහ පවුලේ කාන්තාවන්ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන පවා මෙම කණ්ඩායම් තුළ අලෙවි කිරීමට උත්සාහ කරන බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මෙවැනි නීති විරෝධී කණ්ඩායම් බොහොමයක් විදේශයන්හි සිට ක්‍රියාත්මක වන බවද හඳුනාගෙන තිබේ.

පවුලේ කාන්තාවන් සහ ළමුන් නිවස තුළදීම මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බැවින්, තම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන මිතුරන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

පවුලේ කිසිවෙකු මෙවැනි අන්තර්ජාල ජාවාරමකට ගොදුරු වී ඇත්නම් හෝ ඊට ඇබ්බැහි වී ඇත්නම්, ඔවුන්ට වහාම මනෝ සමාජීය උපදේශන ලබාදීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවලින් ආරක්ෂා වීමට සහ නීතිමය සහාය ලබාගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නොමිලේ උපකාරක දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

1938 – කාන්තා උපකාරක සේවය
1929 – ළමා උපකාරක සේවය

මේ අතර, මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසක් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීමේ සටහන් සහ වීඩියෝ පළකරමින් සිටින බවද සඳහන් වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න