හදිසි
Island edition
··
LankaNews
දේශීය

කාන්තාවන්ගේ හා දැරියන්ගේ ඡායාරූප පළකරන්නන්ට දැඩි පියවර

කාන්තාවන් සහ දැරියන්ගේ ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව ලිංගික හා අපහාසාත්මක අදහස් සමඟ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා බෙදාහරින්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස රජය නියෝග කර තිබේ. මෙවැනි ෆේස්බුක් ගිණ…

By Site Administrator2 මිනිත්තු කියවීම
කාන්තාවන්ගේ හා දැරියන්ගේ ඡායාරූප පළකරන්නන්ට දැඩි පියවර

කාන්තාවන් සහ දැරියන්ගේ ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව ලිංගික හා අපහාසාත්මක අදහස් සමඟ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා බෙදාහරින්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස රජය නියෝග කර තිබේ.

මෙවැනි ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පොලිසියට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම, ළමා ආරක්ෂක අධිකාරියටද සිය නීතිමය බලතල භාවිත කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ෆේස්බුක් ගිණුම් 14,000කට වැඩි සංඛ්‍යාවක් හරහා කාන්තාවන්ගේ ඡායාරූප ලිංගික උත්තේජක අදහස් සමඟ බෙදාහරිමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඇතැම් පුද්ගලයන් මෙම ඡායාරූප මුදලට අලෙවි කරන බවත්, එම ඡායාරූපවල සිටින කාන්තාවන් ලිංගික සම්බන්ධතා සඳහා ආරාධනා කරන බවටත් අසත්‍ය තොරතුරු පළ කරන බවටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය සඳහන් කර ඇත්තේ අදාළ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින බවයි.

වැඩිදුර නීති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙතද ලිපියක් යොමු කර ඇති බව ඇය සඳහන් කර තිබේ.

මේ අතර, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කර ඇත්තේ ටික්ටොක් සහ ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවලින් මෙවැනි අන්තර්ගත ඉවත් කර ඇති බවත්, ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවත්ය.

මෙවැනි ව්‍යාජ ගිණුම්වල තොරතුරු පොලිසියට ලබාදීම සඳහා මෙටා සමාගම සහයෝගය ලබාදෙමින් සිටින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන දඬුවම් ලබාදිය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.

අමාත්‍යාංශයේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන අංශය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය එක්ව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න