හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

වී මිලදී ගැනීමෙන් රජය ඉලක්කය පනී

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 46,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වී මිලදී ගැනීමේ ක්‍රියාවල…

By Site Administrator1 මිනිත්තු කියවීම
වී මිලදී ගැනීමෙන් රජය ඉලක්කය පනී

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 46,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් අඛණ්ඩව සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම, වී මෝල් සහ සමූපකාර පදනම් කරගනිමින් රාජ්‍ය මැදිහත්වීම මත වී මිලදී ගැනීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ කරනු ලැබීය. ඒ අනුව, වැඩිම වී අස්වනු නෙළන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කළේය.

මින් පෙර රජය ප්‍රකාශ කර තිබුණේ මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ වී මෙට්‍රික් ටොන් 39,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, එම අපේක්ෂිත ඉලක්කයද අභිබවා වී මිලදී ගැනීමට රජය කටයුතු කර තිබේ.

පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද සඳහන් කර තිබුණේ අපේක්ෂිත ඉලක්කය ඉක්මවා වී මිලදී ගැනීමට හැකිවූ බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න