තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි වතු කම්කරුවෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
හැටන් පොලිස් වසමට අයත් රාජා වත්තේ ඉහළ කොටසේ 7වන තේ යායේ ගසක සහ ගලක් මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ඒ අසළ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙලෙස බඹරුන් පහර දී ඇති බව සඳහන් වේ.
බඹර ප්‍රහාරයට ලක්වූ පිරිස මුදා ගැනීම සඳහා දුමාරයක් ඇති කර බඹරුන් පලවා හැරීමට උත්සාහ කර තිබුණද, එම දුමාරය ඇති කළ පිරිසටද බඹරුන් පහර දී ඇති බව ප්‍රහාරයට ලක්වූ වතු කම්කරුවෙකු සඳහන් කර තිබේ.




