හදිසි
Island edition
··
LankaNews
දේශීය

වසර 13ක් වැරදි පුද්ගලයෙකුට එරෙහිව මංකොල්ල නඩුවක්

පුද්ගල අනන්‍යතාව පැටලීමක් හේතුවෙන් වසර 13ක් පුරා මංකොල්ලකෑමේ නඩුවකට වැරදි ලෙස අධිචෝදනා ලබා සිටි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු කුරුණෑගල මහාධිකරණයෙන් අනාවරණය වී තිබේ. 2013 වසරේ මහමුකලනාය ප්‍රදේශයේ සිදුවූ මං…

By Site Administrator2 මිනිත්තු කියවීම
වසර 13ක් වැරදි පුද්ගලයෙකුට එරෙහිව මංකොල්ල නඩුවක්

පුද්ගල අනන්‍යතාව පැටලීමක් හේතුවෙන් වසර 13ක් පුරා මංකොල්ලකෑමේ නඩුවකට වැරදි ලෙස අධිචෝදනා ලබා සිටි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු කුරුණෑගල මහාධිකරණයෙන් අනාවරණය වී තිබේ.

2013 වසරේ මහමුකලනාය ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑමකට සම්බන්ධ සැබෑ සැකකරු ලෙස ප්‍රසාද් කුමාර නමැත්තා හඳුනාගෙන තිබූ අතර, ඔහු වෙනුවට ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රියන්ත කුමාර නමැත්තාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

අදාළ මංකොල්ලකෑමට කිසිදු සම්බන්ධයක් නොතිබුණද, තමන්වද මෙම නඩුවේ සැකකරුවෙකු කර ඇති බව සිතූ ප්‍රියන්ත කුමාර පසුගිය වසර කිහිපය පුරාම කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ නඩුව සඳහා පෙනී සිට තිබේ.

මෙම අනන්‍යතා පැටලීම අනාවරණය වී ඇත්තේ ප්‍රියන්ත කුමාර අධිකරණයේ පෙනී නොසිටි දිනයක ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ඇපකරුවෙකු ලෙස කටයුතු කළ පවුලේ සාමාජිකයෙකු අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇප වී සිටින්නේ චෝදනා ලබා සිටින පුද්ගලයාගේ බාල සොහොයුරා වන ප්‍රසාද් කුමාර නමැත්තාට බවයි.

අනතුරුව රජයේ නීතිඥ ශෂිකලා කුමාරි හේවාගේ මහත්මිය, අදාළ විත්තිකරු නිවැරදිව හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතාගෙන් ඉල්ලා තිබේ.

විනිසුරුවරයාගේ අවසරය මත රජයේ නීතිඥවරිය විසින් එක් ඇපකාරිනියකගෙන් ප්‍රශ්න කිරීමේදී, තමන් ඇප වී ඇත්තේ තම පියා වන ප්‍රසාද් කුමාර නමැත්තා වෙනුවෙන් බවත්, ඔහුගේ එක් පාදයක් කපා දමා ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

මෙතෙක් අධිකරණයේ පෙනී සිට ඇත්තේ තම පියාගේ සොහොයුරා බවද ඇය සඳහන් කර ඇත.

තම පියාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර නොමැති බැවින් ඔහු අධිකරණයට පැමිණ නොමැති බවත්, සිතාසි ලැබෙන තෙක් ඔහු නිවසේ රැඳී සිටින බවත් ඇය වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, අනන්‍යතාව පැටලීමක් හේතුවෙන් වැරදි ලෙස අධිචෝදනා ලබා සිටි ප්‍රියන්ත කුමාර නමැත්තා නිදහස් කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

එමෙන්ම නඩුවේ සැබෑ සැකකරු වන ප්‍රසාද් කුමාර නමැත්තාට එරෙහි අධිචෝදනා පත්‍රය භාරදීමටද කටයුතු කර ඇත.

මෙම නඩුව නැවත සැප්තැම්බර් 22 වැනිදා කැඳවීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න