හදිසි
Island edition
··
LankaNews
දේශීය

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාප…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අද (25) අලුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අඹතලේ සහ කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවලින් සිදුකරන ජල බෙදාහැරීම මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑම් ඇති කළ හැකි හදිසි තත්ත්වයක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සහ ක්‍රියාමාර්ග මේ වනවිට සිදුකරමින් පවතින අතර, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තාවකාලික පියවර ගෙන ඇති බවද එම මණ්ඩලය සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න