අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පවතින බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවේ රජයේ රසපරීක්ෂකවරයාගේ නිල වාර්තාව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නඩු අංක B 22424/2026 යටතේ පවතින මෙම නඩුවට අදාළ වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙතද යොමුකර ඇත.
රජයේ රසපරීක්ෂක වාර්තාවට අනුව, දැරිය විසින් පෙන්වා දුන් ස්ථානයක තිබී නිට්ටඹුව පොලිසිය භාරයට ගත් පාපිස්සේ දෙපසින්ම සැකකාර හිමියන්ගේ ශුක්‍රාණු හඳුනාගෙන ඇති බව තහවුරු වී තිබේ. එම පාපිස්සේ කිසිදු රුධිර පැල්ලමක් හඳුනාගෙන නොමැති බවද වාර්තාවේ සඳහන් වේ.
අපරාධ ස්ථානයෙන් සොයාගෙන රසපරීක්ෂකවරයා වෙත යොමු කළ දිගු හිසකෙස් කොටස වින්දිත දැරියගේ නොවන අතර, වෙනත් කාන්තාවකට අයත් බවද රසපරීක්ෂක වාර්තාවෙන් තහවුරු කර ඇත.
නිට්ටඹුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවට අනුව, දැරිය ආවාස ගෙයට ගොස් සිද්ධිය සිදුවූ ස්ථානය පොලිසියට පෙන්වා ඇති අතර, එහිදී තමාට ලිංගික හිංසනයක් සිදුවූ බව ප්‍රකාශ කර තිබිණි.
මේ වනවිට සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේසි මත සිටින අතර, ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනමද තවදුරටත් ක්‍රියාත්මක වේ.
නීතිපතිවරයාගේ ඉදිරි උපදෙස් මත නඩුවේ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.




