හදිසි
Island edition
··
LankaNews
දේශීය

තීරුබදු රහිත දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය…

By Site Administrator1 මිනිත්තු කියවීම
තීරුබදු රහිත දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයම ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි කාටූන් 278ක, එනම් දුම්වැටි 55,600ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 සහ 38 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න