හදිසි
Island edition
··
LankaNews
දේශීය

දිය වැලකට හසුවූ 11 හැවිරිදි දරුවා බේරා ගනී

මාතර පොල්හේන වෙරළ තීරයේදී දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකු මාතර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ. 2026.08.24 වන දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව…

By Site Administrator1 මිනිත්තු කියවීම
දිය වැලකට හසුවූ 11 හැවිරිදි දරුවා බේරා ගනී

මාතර පොල්හේන වෙරළ තීරයේදී දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකු මාතර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

2026.08.24 වන දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් දරුවා මුහුදෙන් බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දී ඇත.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පිරිමි දරුවෙකි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න