හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

මහ කන්නය කලින් ඇරඹීමට යෝජනාවක්

මහ කන්නය ප්‍රමාද නොකර කලින් ආරම්භ කර, ජලය යම් ප්‍රමාණයක් ඉතිරි කරගෙන 2027 යල කන්නයද මාර්තු 15 හෝ අප්‍රේල් මුල වනවිට ආරම්භ කළහොත් කන්න දෙකම සාර්ථකව පවත්වාගෙන යා හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල ක…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහ කන්නය කලින් ඇරඹීමට යෝජනාවක්

මහ කන්නය ප්‍රමාද නොකර කලින් ආරම්භ කර, ජලය යම් ප්‍රමාණයක් ඉතිරි කරගෙන 2027 යල කන්නයද මාර්තු 15 හෝ අප්‍රේල් මුල වනවිට ආරම්භ කළහොත් කන්න දෙකම සාර්ථකව පවත්වාගෙන යා හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.

“අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහවැලි පද්ධතියට අයත් ජලාශවල මේ වනවිට සියයට 54ක පමණ ජල ධාරිතාවක් පවතින අතර, එය සැලකිය යුතු මට්ටමක් බවද ඔහු පැවසීය. වලව පද්ධතියේ ජල ධාරිතාවද සියයට 57ක් පමණ වන බව ඔහු සඳහන් කළේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය ඉහළ යා හැකි නමුත්, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන තත්ත්වයක් පවතින බවද ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව, පවතින ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කරමින් මහ කන්නය කලින් ආරම්භ කිරීමත්, 2027 යල කන්නයද නියමිත කාලයට පෙර ආරම්භ කිරීමත් තුළින් කන්න දෙකම කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක කරගත හැකි බව ඔහු අවධාරණය කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න