හදිසි
Island edition
··
LankaNews
දේශීය

අතුරුදන් වූ බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘතශරීරය මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වන ලැහැබක තිබී අද (24) උදෑසන සොයාගත් බව මහියංගනය පොලිසිය තහවුරු කරයි. වියානා ඇළ අසල අතහැර…

By Site Administrator1 මිනිත්තු කියවීම
අතුරුදන් වූ බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘතශරීරය මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වන ලැහැබක තිබී අද (24) උදෑසන සොයාගත් බව මහියංගනය පොලිසිය තහවුරු කරයි.

වියානා ඇළ අසල අතහැර දමා තිබූ සැකකටයුතු මෝටර් රථයක් සම්බන්ධයෙන් ඊයේ (23) රාත්‍රියේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව එම මෝටර් රථය අතුරුදන්ව සිටි වෛද්‍යවරයාට අයත් බවට පොලීසිය හඳුනාගෙන ඇත.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සිදුකළ සෙවුම් මෙහෙයුමකදී මෝටර් රථය ආසන්නයේ පිහිටි වන ලැහැබක තිබී වෛද්‍යවරයාගේ මෘතශරීරය සොයාගෙන තිබේ.

මෘතශරීරය ආසන්නයේ තිබී යම් ඖෂධ පෙති වර්ගයක්ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න