හදිසි
Island edition
··
LankaNews
දේශීය

ත්‍රිරෝද රථ රියදුරන්ට වයස් සීමාව 40 දක්වා ඉහළ දැමීමට අවධානය

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසන්නේ ත්‍රිරෝද රථ සේවාව සඳහා රියදුරකු ලෙස එක්වීමට අවශ්‍ය අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි. පාසල් අධ්‍ය…

By Site Administrator1 මිනිත්තු කියවීම
ත්‍රිරෝද රථ රියදුරන්ට වයස් සීමාව 40 දක්වා ඉහළ දැමීමට අවධානය

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසන්නේ ත්‍රිරෝද රථ සේවාව සඳහා රියදුරකු ලෙස එක්වීමට අවශ්‍ය අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි.

පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තරුණයන් ත්‍රිරෝද රථ රියදුරු රැකියාවට යොමුවීම වෙනුවට, ඔවුන් වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව වෙත යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ත්‍රිරෝද රථ රියදුරු රැකියාවට එක්වීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය අවධානය යොමු කරමින් සිටින බව ඔහු පැවසීය.

පාසල් අධ්‍යාපනය අවසන් වූ සැණින් තරුණයන්ට ත්‍රිරෝද රථයක් ධාවනය කරමින් රැකියාවකට පිවිසීමට ඉඩ නොදී, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් පැහැදිලි වෙනස්කම් සිදුකරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න