හදිසි
Island edition
··
LankaNews
දේශීය

කැකිරාවේ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

2026.08.23 දින අලුයම කැකිරාව පොලිස් වසමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ නිවසකදී පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කැකිරාව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මියගොස් ඇත්තේ 56 හැවිරිදි කොට්ටල්බද්…

By Site Administrator1 මිනිත්තු කියවීම
කැකිරාවේ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

2026.08.23 දින අලුයම කැකිරාව පොලිස් වසමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ නිවසකදී පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කැකිරාව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි කොට්ටල්බද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයාගේ නිවසේ පැවති සාදයක් අතරතුර අසල්වැසි නිවසේ පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

එහිදී අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න