2026.08.22 දින උදෑසන රාගම පොලිස් වසමේ රාගම–වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථ දෙකක් සහ මෝටර් රථයක් සම්බන්ධ වූ අනතුරකින් 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක රියැදුරුට එය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක සහ තවත් ලොරි රථයක ගැටී ඇති අතර, අනතුරුව මාර්ගයේ අයිනෙන් ගමන් කරමින් සිටි කාන්තාවකගේ සහ ඇයගේ දියණිය හා පුත්‍රයාගේද ගැටී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනා සහ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී 8 හැවිරිදි දැරිය මියගොස් ඇත.
මියගිය දැරිය රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය සඳහන් කරයි.
අනතුරට සම්බන්ධ ලොරි රථ දෙකේ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




