2026.08.22 දින සවස පලෙයි පොලිස් වසමේ යාපනය–කිලිනොච්චිය මාර්ගයේ කිලෝමීටර් 271 කණුව ආසන්නයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
කිලිනොච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙකු පලෙයි රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට මාරුකර යවා තිබේ. එහිදී ඔහු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 18 හැවිරිදි පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
අනතුරට සම්බන්ධ අනෙක් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




