2026.08.22 දින අලුයම සහ දහවල් හම්බේගමුව පොලිස් වසමේ ගොමගල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් දෙකක් සිදුකර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 1044යි ග්‍රෑම් 180ක් සමඟ එක් සැකකරුවෙකුද, ගංජා ගස් 54,096ක් සමඟ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන හම්බේගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන එතඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බේගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




