හදිසි
Island edition
··
LankaNews
දේශීය

මොනරාගල අනතුරකින් පස්දෙනෙක් මරුට

මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, වැල්ලවාය - මොනරාගල මාර්ගයේ කුඹුක්කන කළු පාලම මතදී වැල්ලවාය දෙසට ධාවනය…

By Site Administrator1 මිනිත්තු කියවීම
මොනරාගල අනතුරකින් පස්දෙනෙක් මරුට

මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, වැල්ලවාය - මොනරාගල මාර්ගයේ කුඹුක්කන කළු පාලම මතදී වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ ගමන්ගත් පුද්ගලයින් 10 දෙනාගෙන් අටදෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගෙන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගිය පුද්ගලයින් අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ අනෙක් තිදෙනා මේ වනවිට මොනරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න