හදිසි
Island edition
··
LankaNews
දේශීය

විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ශිෂ්‍යාවක් සියදිවි නසාගනී

මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා මාස හතක කාලය තුළ පුද්ගලයන් 84 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බව දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ අතර…

By Site Administrator2 මිනිත්තු කියවීම
විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ශිෂ්‍යාවක් සියදිවි නසාගනී

මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා මාස හතක කාලය තුළ පුද්ගලයන් 84 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බව දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මේ අතර, නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් කල්ලඩි ස්වාමි විපුලානන්ද සංගීත හා නර්තන විද්‍යාලයේ නේවාසිකාගාරයකදී 20 හැවිරිදි ශිෂ්‍යාවක් ඊයේ (19) දහවල් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. එම සිද්ධිය දැකීමෙන් කම්පනයට පත් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සිහිසුන්ව ඇද වැටීමෙන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය ශිෂ්‍යාව තිරුක්කෝවිල් පොලිස් බල ප්‍රදේශයට අයත් තම්බිලුවිල් ආර්.ඩී.ඒ. මාර්ගයේ පදිංචිකාරියකි. ඇය නාට්‍ය අංශයට තේරී පත්වී මීට මාස තුනකට පමණ පෙර අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති අතර, පළමු වසරේ අධ්‍යාපනය ලබමින් නේවාසිකාගාරයේ රැඳී සිට ඇත.

ඊයේ දහවල් 12.00ට පමණ නේවාසිකාගාර කාමරයකදී ශිෂ්‍යාව ගෙල වැලලාගෙන සිටින අයුරු දැක තිබේ. එය දැක කම්පනයට පත්වූ ශිෂ්‍යාවන් දෙදෙනෙකු සිහිසුන්ව ඇද වැටී ඇති අතර, අනෙකුත් ශිෂ්‍යයන් විසින් ඔවුන් තිදෙනාම රෝහල්ගත කර තිබේ.

කෙසේ වෙතත්, ගෙල වැලලාගෙන සිටි ශිෂ්‍යාව ඒ වන විටත් මියගොස් සිට ඇති බවත්, සිහිසුන් වූ ශිෂ්‍යාවන් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය ශිෂ්‍යාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කාත්තන්කුඩි පොලිසිය විසින් සිදුකරනු ලබයි.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය ජුනි මාසයේදී පමණක් සියදිවි නසාගැනීම් 08ක් වාර්තා වී තිබේ. එමෙන්ම, 2025 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වසරක කාලය තුළ පුද්ගලයන් 164 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බවද පොලිස් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න